අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිගෙන් ප්‍රතිචාර…

අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් යහපත් ප්‍රතිචාර පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමු මේ පිළිබඳව සාකච්ඡා කළ බවද ඒ මහතා පැවසීය.

මේ අතර වාර්තා වන්නේ පවතින කැබින්ට් මණ්ඩලය ඉල්ලා අස්වී නව අන්තර්කාලීන ආණ්ඩුවක් ඉතා ඉක්මනින් පිහිටවනු ඇති බවයි.

එම ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉතා සීමා වනු ඇති බවත් නිශ්චිත කාලයක් පමණක් ආණ්ඩුව ගමන කිරීමෙන් අනතුරුව මහ මැතිවරණයක් සඳහා රට යොමු කරවනු ඇති බවත් දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *