දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ටර්බයිනයක අක්‍රියතාවක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය තවමත් සම්පූර්ණ ධාරිතාවයට ළඟා වී නොමැති බැවින් ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ මෙගාවොට් 900 ක විදුලිය ජනනය කර ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
මේ මස මුලදී බලාගාරයේ ජනන යන්ත්‍ර බිඳවැටීම හේතුවෙන් පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා නඩත්තු කටයුතු ද මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව අද දිනයේ ඇතැම් ප්‍රදේශවලට විනාඩි 30ත් 45ත් අතර කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනක් බිඳ වැටීමෙන් පසු දෙසැම්බර් 3 වැනි දින දිවයින පුරා පැය කිහිපයක් විදුලිය ඇනහිටීමට ලක්විය.
ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට පත් කළ නමුත්, විදුලි ජනක යන්ත්‍ර සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කරන තෙක් දින කිහිපයක් සවස 06-09 අතර පැය භාගයේ සිට පැය එක දක්වා විදුලිය විසන්ධි විය.