අනාරක්‍ෂිත ෆේස්‌බුක් ගිණුම් හඳුනා නොගත් පාර්ශ්වයකගේ ග්‍රහණයට නතු වීමේ අවදානමක් මතුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
නාඳුනන පුද්ගලයකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්‌බුක් අඩවි හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් යොදාගෙන ෆේස්‌බුක් ගිණුමේ password සහ පරිශීලක නාමයන් ලබාගනිමින් මෙම කටයුත්ත සිදුකරන බව මේ වන විට හෙළිවී ඇතැයි වාර්තා වී ඇත.
ඒ අනුව නාඳුනන පාර්ශ්වය අදාළ ෆේස්‌බුක් ගිණුමට ඇතුළත් වී එහි ඊමේල් ලිපිනය හා මුරපදය (password) වෙනස් කරන අතර එමගින් ගිණුමේ හිමිකරුට එහි පාලනය නැතිවී යයි.
මෙසේ නාඳුනන පාර්ශ්වයන්ගේ ග්‍රහණයට නතුවූ ෆේස්‌බුක් ගිණුම් නැවත ලබා ගැනීමට නොහැකි බවද තොරතුරු තාක්ෂණ සංගමය කියයි.
බොහෝ අවස්‌ථාවලදී යම් පුද්ගලයකුගේ ව්‍යාජ ඡායාරූප අඩංගු කර ෆේස්‌බුක් ගිණුමක් නිර්මාණය කර ඇති බැවින් එය ඉවත් කිරීම සඳහා ඔවුන් ලබාදෙන ෆේස්‌බුක් ගිණුමට පිවිසෙන ලෙස මෙම නාඳුනන පාර්ශ්වය දැනුම් දෙයි.
එම නිසා අදාළ තත්ත්වය ගැන අවධානයෙන් පසුවන ලෙස එම සංගමය ෆේස්‌බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
එසේම ආරක්‍ෂක ක්‍රමවේද හැකි තරම් අනුගමනය කර තම ෆේස්‌බුක් ගිණුමට අදාළ ආරක්‍ෂාව සලසා ගන්නා ලෙසද එම සංගමය ඉල්ලීමක් කරයි.