“ෆුල් ෆේස් හෙල්මට්” තහනම ඉවතට

දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරු පැදි හේතුවෙන් සිදුවන බව නිරීක්ෂණය වීම හා එවැනි අනතුරුවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම්වලින් යතුරු පැදිකරුවන්ට සැලකිය යුතු මට්ටමේ ආරක්ෂාව ලැබෙන බව පෙනී යාමත් සමගම පර්යන්ත දැක්මට බාධාවක් නොවන ආකාරයට සම්පූර්ණයෙන් මුහුණ වැසෙන ආරක්ෂිත හිස්වැසුම්වලට (ෆුල්ෆේස් හෙල්මට්) පනවා ඇති තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

1991-01-11 දිනැති ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කොට ඇත්තේ යතුරු පැදියක් පදවන හෝ එහි නැගී යන සෑම තැනැත්තෙක්ම ආරක්ෂිත හිස්වැසුමක් පැළදිය යුතු අතර එම හිස්වැසුම පළදින්නා පහසුවෙන් හදුනාගත හැකි පරිදි මුහුණු ප්‍රදේශය විවෘතව තැබෙන්නක් විය යුතු බවටය. මෙම ගැසට් නිවේදනයට අදාළව කටයුතු කිරීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන කොට්ඨාසය 2015 වසරේදී උපදෙස් චක්‍රලේඛයක් නිකුත් කළ නමුත් එම චක්‍රලේඛය අධිකරණයේ අභියෝගයට ලක්කිරීම නිසා නියෝග ක්‍රියාත්මක වීම අත්හිටුවීමට සිදුවිය. ඉන් අනතුරුව යතුරුපැදි ධාවනය කරන්නන්ගේද අදහස් සමගින් නව නිර්දේශ සැකසීමට කටයුතු කළ මුත් රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ අර්බුදය නිසා මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළදීම තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් හට උපදෙස් දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *