ළමා පැහැරගැනීම් කණ්ඩායමක් පිළිබඳ වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කරයි

අක්මීමන ප්‍රදේශයේ ළමා පැහැර ගැනීමේ කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පොලිස් ප්‍රකාශයකට අනුව අක්මීමන පොලිස් ස්ථානාධිපති (OIC) කියා සිටියේ එවැනි පිරිසක් පිළිබඳව පොලිස් ස්ථානය දැනුවත් කර නොමැති බවයි.

අක්මීමන හෝ යක්කලමුල්ල පොලිස් වසම්වලින් එකී පිරිස සම්බන්ධ ළමා පැහැරගැනීම් පිළිබඳ කිසිදු සිද්ධියක් වාර්තා වී නොමැති බවද ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් අක්මීමන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම වාර්තා අසත්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *