මේ දිනවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බැවින් ඒ පිළිබද ජනතාව සැළකිලිමත් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දන්වා සිටින්නේ සෑම විටම මුදල් නෝට්ටුවක් අතට පත්වන විට එහි දිය සළකුණ ඇතුළු ඊට අදාළ අනෙකුත් සත්‍යය හදුනා ගැනීමේ ලක්ෂණ සොයා බලා කටයුතු කරන ලෙසටයි.