හොර දොස්තරලාට එරෙහි දඩය දහ ගුණයකින් වැඩිකෙරේ, වසර 5ක සිර දඬුවමක්

වෛද්‍යවරුන් ලෙසට පෙනී සිටින බොරු දොස්තරවරුන්ට එරෙහිව අධිකරණ මගින් මෙතෙක් පනවා තිබූ දඩ මුදල රුපියල් 5000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ වනවිට හොර දොස්තරවරුන්ගේ ප්‍රමාණය හා වාර්තාවීම් ඉහළ ගොස් ඇති නිසා එම තත්ත්වය පාලනය කිරීමට එසේ වරදකරුවන් වන පුද්ගලයන්ට ලබාදුන් දඬුවම් සංශෝධනය කිරීමට තීරණය කළ බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වාර්තා කරයි. පවතින නීතිය සංශෝධනය කර හොර දොස්තරලාට එරෙහිව අලුත් නීති සම්පාදනය කරන්න ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කර තිබුණු බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

හොර දොස්තරවරුන්ට එරෙහිව රුපියල් 50,000ක දඩයට අමතරව වසර 5ක සිරදඬුවමක් ද නියම කෙරෙන පරිදි නීති සම්පාදනය කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *