හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ කර්මාන්ත ශාලා 3 ක් ඉදිකරමින් ඖෂධ කලාපයක් බිහිකිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ යටතේ පිළිකානාශක ඖෂධ කර්මාන්ත ශාලාවක්, විකලාංග උපකරණ සහ ස්නායු ශල්‍ය උපකරණ කර්මාන්ත ශාලාවක් සහ පෙති කරල් නිෂ්පාදන ශාලාවක් ඉදිකිරීමට නියමිතව තිබේ.
ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පළ ඉන්ද්‍රවංශ මහතා පවසන්නේ මෙම ඖෂධ කර්මාන්ත ශාලා යුරෝපානු ප්‍රමිතියට අනුව ඉදිකිරීමට කටයුතු කෙරෙන බවයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අදහස් පළකර සිටියේය.
“ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත හොරණ මිල්ලෑව ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 65ක භූමියක් ලබා දුන්නා. ඒ සමගම මෙම භූමියේ කර්මාන්තශාලා 5ක් ඉදිකිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය පසුගිය සතියේ හිමිවුණා. එහි පළමු අදියර යටතේ කර්මාන්තශාලා 3ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී පෙති හා කරල් මිලියන 5000ක ධාරිතාවෙන් යුත් කර්මාන්තශාලාවක්, පිළිකා නාශක සම්බන්ධ පෙති, කරල් හා එන්නත් කර්මාන්තශාලාවක් මෙන්ම විකලාංග උපකරණ නිපදවන කර්මාන්තශාලාවක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.”