හුදකලා කර තිබූ ග්‍රෑන්ඩ්පාස් සිරිසඳ සෙවන සහ සිරිමුතු උයන, මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ දුම්රිය මහල් නිවාස, බොරැල්ල සිරිසර උයන යන මහල් නිවාස හෙට (14) උදෑසන 5.00සිට හුදකලා බවින් ඉවත්කරනු ලැබේ.
මේ අතර කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ග්‍රාමසේවා වසම් කිහිපයක් හෙට උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කරනු ලැබේ.
ඒ අනුව වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, ගම්පහ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිනදූව, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූව වත්ත, පෑලියගොඩ පොලිස් වසමේ පට්ටියමුල්ල ග්‍රාමසේවා වසමේ රෝහණ විහාර මාවත, කිරිබත්ගොඩ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද, නිට්ටඹුව තිහාරිය උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරීවසම්හි වාරන පන්සල පාර සහ කත්තොට පාර සහ සරදා මාවත, කලුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙගන්ගල්ල නැගෙනහිර සහ බටහිර, කුඩාහීනිටිගල ග්‍රාම නිලධාරීවසමේ මරික්කාර් වීදිය යන ප්‍රදේශයන් හුදෙකලා කිරීමට නියමිතව තිබේ.