හෙට රජයේ කාර්යාල සඳහා නිවාඩු

හෙට (04) රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හෙට දිනයේ දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් රජයේ කාර්යාල සඳහා එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයකට පත් කර ඇති බවටයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *