හෙට කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්

හෙට (30) දිනයේ දී කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව , කොළඹ 02, 03, 07, , 08, 09, සහ 10 යන ප්‍රදේශවල හෙට (30) උදෑසන 9 සිට 31 වන ඉරිදා දින අලුයම 3 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කරනු ඇත.

‍මීට අමතරව කොළඹ 01 ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *