හුදකලා කර ඇති ප්‍රදේශ වල පිහිටි පාසල් වල අධ්‍යාපනය ලබන දරුවන්ට විකල්පයක් ලෙස තාවකාලික පදනමින් වෙනත් පාසලක් ලබාදිම පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියා සිටියේය.
තවද පාසල් නැවත ආරම්භ කිරීමට අදාල විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර දින කිහිපයක් තුල එය දරුවන්ට හා දෙමාපියන්ට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.