හරීන් අගරදගුරු හිමිපාණන්ව විවේචනය කිරීම පිළිඹදව මංගල සතුට පළ කරයි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බවට හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය සම්බන්ධව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඇගයීමට ලක් කර තිබේ.

ඉකුත් ඉරිදා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. මින් පෙර එවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හරින් ප්‍රනාන්දු මහතාව ඇගයීමට ලක් කර තිබුණේ සිය නිල ට්විටර් ගිණුමේ තැබූ සටහනක් මගිනි. එහි මෙසේ සටහන් වේ.

“පවතින ෆැසිස්ට් රෙජිමයට සහාය දක්වන බෞද්ධ අන්තවාදී පූජක පක්ෂය සමග අශුද්ධ සන්ධානයක් ඇති කරගත් කතෝලික පල්ලියේ ඇතැම් කොටස්වල කුහකත්වයට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දුට ඇති ධෛර්යය මා සතුටට පත්කළා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *