හරි පඩිය නොගෙවන වතු, අලුත් හාම්පුතුන්ට

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කළ වතු වල බදු ගිවිසුම අවලංගු කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු ඇමති මනූෂ නානයක්කාර මහතා වෙත උපදෙස් ලබාදී ඇත.

බදු ගිවිසුම් සම්බන්ධයෙන් නව නීති සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. වතු රජයට පවරා නොගන්නා බවත් බදු  කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කොට වෙනත් සමාගම් වෙත අලුත් බදු ගිවිසුමක් යටතේ එම වතු බදු දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා  මනූෂ නානයක්කාර අමාත්‍යවරයාට දුන් උපදෙස් වල සඳහන් වේ.

රජය නියම කළ වැටුප වැඩි කළ නොහැකි බවත් වතු පාඩු ලබන බවත් කියන්නේ එහි නිසි කළමනාකාරිත්වයක් නොමැති හෙයින් බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එම වතු නැවත ආණ්ඩුවේ පාලනයට ගැනීමට කිසිසේත් අවශ්‍ය නැතැයි මනූෂ නානායක්කාර ඇමතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. එ් අනුව අලුත් සමාගම් වෙත මෙම වතු බදු දෙන ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය  මනූෂ නානායක්කාර මහතාට දැනුම් දී තිබේ.

රජය විසින් බදු ගිවිසුම් අහෝසි කරන වතු සමාගම් බදු ගැනීමට අලුත් සමාගම් රැසක් දැනටමත් ඉදිරිපත්ව සිටින අතර එයින් වඩාත්ම සුදුසු සමාගම් වලට ගිවිසුම් අහෝසි කෙරුණු වතු බදු දෙන බව මනූෂ නානයක්කාර මහතා ප්‍රකාශ කළේය.

රජය සතු වතු 22 ක පමණ  මෙලෙස බදු පදනම මත පෞද්ගලික අංශය වෙත පවරා ඇති අතර එම වතු රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් අවලංගු කිරීමට ඉදිරියේදී  කටයුතු කරන බව ද මනූෂ නානයක්කාර මහතා වැඩි දුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *