පොලිස් විශේෂ කාර්්‍ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් දෙදෙනා අප්‍රේල් 26 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද ඊයේ(11) නියම කළේය.
හරක් කටා නමැත්තා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ තංගල්ල පැරණි බන්ධනාගාරු ස්ථානාධිපතිවරයා භාරයේ එම බන්ධනාගාරු සංකීර්ණයේ විශේෂ ආරක්‍ෂාව යටතේ රඳවා තැබීමටද විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැන යෑමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වු රවිදු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කළ විනිසුරුවරයා නඩුවේ තුන්වන විත්තිකාර හිටපු පොලිස් නිලධාරියකු බව කියන දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කළේය.