කොළඹ ප්රදේශ රැසකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඊයේ (26) රාත්රී 9 සිට එම ප්රදේශ සඳහා හදිසියේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
කොළඹ, කෝට්ටේ, කඩුවෙල, දෙහිවල සහ ගල්කිස්ස නගර සභා බල ප්රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවා තිබේ.
අඹතලේ ජල පවිත්රාගාරයට විදුලි සැපයුමේ සිදුවූ දෝෂයක් ඊට හේතුවී ඇති බව වාර්තා විය.