සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවයකට සැරසේ

සාකච්ඡාවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඊයේ දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේ දී සෞඛ්‍ය කාර්යය සහයකයන් ස්ථීර කිරීමේ ඉල්ලීම හැරුනු කොට තම සංගමය ඉල්ලූ ප්‍රධාන ඉල්ලීම් කිසිවෙකටත් පිළිගත හැකි විසඳුම් නොලැබුණ බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව හෙට දින පෙරවරුවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබු වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරය ඒ ආකාරයෙන් ම පැවැත්වීමට කමිටුවේ සියලු වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කළ බව ද එම සංගමය දැනුම් දෙයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවතිය ද කොරෝනා ආසාදිතයින් සඳහා වු හදිසි හා අත්‍යාවශ්‍ය සේවාවන් ආවරණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.

එම සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් පහතින් දැක්වේ.

1. වෛද්‍ය සේවාව සඳහා මසකට 41,220 සිට 78,120 දක්වා වු සියයට 78ක අමතර දීමනා වැඩි කිරීමට සාපේක්ෂව වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා සාධාරණ දීමනාවක් ලබාදීම.

2.කොරෝනා මර්දනය කිරීමට බාධාවක් වී ඇති සෞඛ්‍ය කාර්යය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා නිශ්චිත තීරණයක් නොගැනීම.

3. සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ දීමනා කප්පාදු කිරීම හා දීමනා විෂමතාවයන් ඉවත් කිරීම.

4.කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *