පාසල තුළ නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳින බවට දරුවන්ගේ දෙමාපියන්, ආදි සිසුන් මෙන්ම පාසල් සංවර්ධන කමිටුව විසින් කළ පැමිණිල්ලකට අනුව නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශයේ පාසලක් සෞඛ්‍ය බලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දිඹුල පොලීසියේ පොලිස් නිලධාරින් විසින් මෙම හදිසි පරීක්ෂාව සිදුකර තිබේ. පාසල තුළ සෞඛ්‍ය උපදෙස් නොතකන බවට තහවුරු වීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විදුහල්පතිවරයාට දැඩි ලෙස අවවාද කර තිබේ.
මෙම පාසලෙන් මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදනය වු ගුරුවරුන් 10ක් හා සිසු සිසුවියන් 10ක් වාර්තා වී තිබේ.