සොලෙයිමානිගේ අවමඟුල අතර තුර තෙරපී මිය ගිය ගණන ඉහළට

අමෙරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරානයේ කුද්ස් හමුදා ප්‍රධානී ජෙනරාල් කාසිම් සොලෙයිමානිට අවසන් ගෞරව පුදකිරීමේ උත්සවය අතරතුර ඇති වූ තෙරපීමෙන් මියගිය පිරිස 50 දක්වා ඉහළ ගොස් තිබේ.ඉන් තුවාල ලැබූ පිරිස 200 ඉක්මවයි.

ටෙහෙරාන් නුවර සිට සොලෙයිමාන්ගේ දේහය ඔහුගේ උපන් බිම වූ කෙර්මන් නගරය වෙත රථ පෙලපාලියකින් රැගෙන ගිය අතර එම අවස්ථාවට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේය.

50ක් පමණ වූ පිරිස මියගොස් ඇත්තේ එහිදී ඇති වූ තෙරපීමකින්.

 

මෙම සිදුවීම මුල්කරගෙන හමුදා ප්‍රධානියාගේ අවසන් කටයුතු යළි දැනුම්දෙන තුරු කල්දැමීමට බලධාරීන් පියවර ගත් අතර ඔවුන් පවසන්නේ සොලෙයිමානිගේ ආධාරකරුවන් විශාල පිරිසක් මියයාම කරුණු කොටගෙන හදිසියේ අවමංගල චාරිත්‍ර ඉටුකිරීම නුසුදුසු ලෙසින් සලකා මෙම පියවර ගත් බවයි.

ඉරාන හමුදා ප්‍රධානියාගේ ඝාතනයත් සමඟින් මැදපෙරදිග කලාපයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම මතභේදය අමෙරිකාව හා ඉරානය අතර යුදමය ගැටුමක් දක්වා වර්ධනය වනු ඇතැයි ද විවිධ පාර්ශ්ව අනාවැකි පළ කරයි.

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *