සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ පවතින DSP/145/2021 අංක දරනා නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පනවා තිබූ වාරණය දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් ඇති වූ නීතිමය ගැටලුව නිරාකරණය කිරීම පිණිස ඉල්ලීමක් කොළඹ සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණය හමුවේ ඊයේ දිනයේ දී (28) කැඳවන ලදී.
එහි මීළඟ විභාගය ඔක්තෝම්බර් 11 වන දිනට නියම කළ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල සේරුවිල පන්සල සම්බන්ධයෙන් විත්තිකරුවන් විසින් කිසිදු අත පෙවීමක් නොකළ යුතු බවත් මේ පවතින තත්ත්වය එලෙසින්ම පවත්වා ගත යුතු බවටත් නියෝග කළේය.