සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ ව්‍යාපාරිකයන් වෙනුවෙන් තවදුරටත් ණය පමා සහන කාලයක් ලබාගැනීම සහ වෙන්දේසිකර ඇති දේපල නැවත ලබා ගැනීම පිළිබඳව මෙහි දී ව්‍යාපාරිකයෝ අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කර ඇති බව අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

භාණ්ඩ මිලෙහි නිරන්තරයෙන් සිදුවන මිල උච්ඡාවචනය හා තොග හා සිල්ලර වෙළඳාමට ඉන් සිදුවන බලපෑමත් ව්‍යාපාරිකයන්ගේ අසීමිත මිල ඉහළ දැමීම්වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම කෙරෙහිත් මෙහි දී අගමැතිවරයා අවධානය යොමු කර ඇත.

සංචාරක ක්ෂේත්‍රය, බේකරි කර්මාන්තය, මල් පැළ තවාන්, මල් පෝච්චි කර්මාන්තය, ඇඟළුම් හා මැණික් ව්‍යාපාර, ලෝහ භාණ්ඩ නිෂ්පාදනය සහ මැනිං වෙළඳපොළ ගැටලු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයෝ මෙහිදී අදහස් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරන්නැයි අගමැතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *