සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක්

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ඉහළ නංවමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මෙරට පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරනු ලබන්නා වූ විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6000ක් වන බද්ද රුපියල් 6840 ක් දක්වා ඉහළ නංවන බවය.

එමෙන්ම මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6600ක් වන බද්ද රුපියල් 7320ක් දක්වා ඉහළ නැංවෙයි.

එමෙන්ම සුරාබදු සහ වැට් බද්ද ඉහළ දැමීමත් සමග අද සිට කාණ්ඩ 3ක් යටතේ දුම්වැටි මිලද  ඉහළ නංවා ඇතැයි ලංකා දුම්කොළ සමාගම සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 5කින්, රුපියල් 15කින් සහ රුපියල් 25කින් ලෙස දුම්වැටි මිල ඉහළ යනු ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *