සීනි ආනයනයේදී පනවා තිබූ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා ආණ්ඩුව විසින් අඩු කිරීම නිසා මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 15.9 ක් අහිමි වූ බව මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (09) පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට දන්වා තිබේ.
අමාත්‍යාංශය විසින් දන්වා එවා තිබූ එම වාර්තාවේ දැක්වෙන්නේ එලෙස අහිමි වූ මුදලින් කොටසක් අදාළ බද්ද ඉවත් කිරීමෙන් පසුව මෙරටට සීනි ගෙන්වනු ලැබූ සමාගම් වෙත ලැබී ඇති බවයි.
සීනි ආනයනය බද්ද ශත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් එක් පුද්ගලික සමාගමක් පසුගිය ඔක්තෝම්බර් සිට 2021 පෙබරවාරි දක්වා කාලය තුළ විශාල වශයෙන් සීනි ආනයනය කර ඇති බවත්, බදු අඩු කිරීමට පෙර මාසයේදීද සීනි විශාල තොගයක් අදාළ සමාගම මෙරටට ගෙන්වීමට කි‍්‍රයා කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. එබැවින් අදාළ සමාගමට විශාල වශයෙන් බදු වාසියක් සිදුව ඇතැයිද එහි සඳහන් වේ.