සිරිපා සමය ආරම්භ වී මසක් ඇතුලත ඉවතලන වතුර බෝතල් ලක්ෂයක් එකතුවේ

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බවට වාර්තා වෙනවා.

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී වන්දනාකරුවන් පොලිතින්උර භාවිතයෙන් වැළකි සිටින බවත්, වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද වන්දනාවේ රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් ආපසු නල්ලතන්නිය දක්වා රැගෙන ඒමටත්, ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට මුදා නොහැර ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරිම සඳහා නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයේ සවි කර ඇති කැළි කසල බදුන් වලට බැහැර කර ඇති බවටත් වාර්තා වෙනවා

මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් ශ්‍රිපාද වන්දනා සමයේදි එක්රැස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රතිචක්‍රිකරණය කිරිම සඳහා පෞද්ගලික  ආයතන වෙත ලබා දෙන බවත්, නල්ලතන්නිය නගරයට සහ ශ්‍රී පාද මාර්ගයේ පිරිසිදු පානිය ජල යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන්නේ නම් ශ්‍රී පාද පුද බිමේ  ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කළ හැකි බවයි මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති B.W. හේමන්ත මහතා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *