වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සියලුම වතු කම්කරුවන්ට රජය පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බවයි.
වතු කම්කරු ජනතාවට රජය ලබා දුන් රුපියල් දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් අධිකරණයට ගිය බව හා ඊයේ දින අධිකරණය ඒ සඳහා නීතිමය අවසර ලබා දී ඇති බව සහ සියළුම වතු සමාගම් මෙම රුපියල් දහස ගෙවීමට නෛතිකව බැඳී සිටින බවද අමාත්‍යවරයා කීය.