සියලුම බැංකුවල අක්‍රීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.4

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බැංකු 30ම අක්‍රීය ණයවල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1.4ක් බව හෙළිදරව් කළ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම පියවර මඟින් ආර්ථිකය සුරක්ෂිත කරන බවට සහතික විය.

“රටේ ආර්ථිකය ආරක්ෂා කරන්නේ බැංකු. ශ්‍රී ලංකාවේ බැංකුවල ඇති මුළු තැන්පතුවලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් රුපියල් 5000ට වඩා අඩුය. බැංකු වල තැන්පතු වලින් වැඩි හරියක් තියෙන්නේ රටේ දුප්පත් මිනිස්සු. ඒ නිසා රජය හැම විටම ඔවුන් ආරක්ෂා කරනවා.” රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පසුගිය වසර කිහිපය තුළ Parate Execution හරහා බැංකු විසින් අයකරගෙන ඇත්තේ රුපියල් බිලියන 17ක් පමණි. Parate execution right යනු ණය ලබා ගැනීමේදී ණය ගැතියන් ඇපකර තබා ගත් වත්කම් වෙන්දේසි කිරීමෙන් අක්‍රීය ණය අයකර ගැනීමට බැංකුවලට ලබා දී ඇති අයිතියයි. මිලියන 5කට වැඩි ණය ආපසු අයකර ගැනීම සඳහා Parate execution කිරීමට බැංකුවලට නීත්‍යානුකූල අයිතිය තිබෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“ණය මත ලබා දෙන වත්කම් අත්පත් කර ගැනීමේදී ලීසිං සමාගම් විසින් අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියා පටිපාටි ද තිබේ. වත්කමක් බදු දුන් පුද්ගලයා පදිංචිව සිටින ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමට ඔවුන් නීත්‍යානුකූලව බැඳී සිටී. ණය දෙන්නා වත්කම් අයකර ගැනීමට යන විට පොලිසිය සමඟ යාමට සිදුවේ. එසේම, වත්කමක් අත්පත් කර ගත හැක්කේ කල්බදු ලබා ගත් පුද්ගලයාගේ කැමැත්ත ඇතිව පමණි. අපි ඉක්මනින්ම කල්බදු නීති සංශෝධන ගෙන එනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *