සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් -අති විශේෂ ගැසට් නිවේදනයක්

සිමෙන්ති සඳහා වන උපරිම සිල්ලර මිල දක්වමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ගැසට් නිවේදනයට අනුව මෙරට නිෂ්පාදිත සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 1005ක් ලෙස සඳහන් කර ඇත.

සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරට ඇසුරුම් ගත කරනු ලබන සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමෙහි උපරිම සිල්ලර මිල රුපියල් 950ක් ලෙසත් ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති රුපියල් 930ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බව දක්වා තිබෙන අතර කිසියම් නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සහ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බවය අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නිවේදනය කර ඇත.

1 Comment

  1. ඒක හොඳයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *