සිපෙට්කෝ ඩීසල් නිකුත් නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසයි…

හැටන් කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය මගින් ඩිසල් ඉන්ධන කිසිදු ඉන්ධන පිරවුම්හලකට නිකුත් නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් කියා සිටියි.

මිට දින 10කට පමණ ප්‍රථම ඉන්ධන පිරවුම්හල් වලට සිමිති ඩිසල් ඉන්ධන ප්‍රමාණයත් නිකුත් කල බවත්, ඉන් අනතුරුව මේ වන තෙක් ඩිසල් ඉන්ධන තම ඉන්ධන පිරවුමහල් වලට නිකුත් නොකල බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් කියා සිටියේ.

ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ උසස් නිලධාරින්ගේ උපදෙස් අනුව ලංගම ඩිපෝ වලට පමණක් ඩිසල් ඉන්ධන නිකුත් කරන බවත්, පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන නිකුත් නොකරන ලෙසට තම වෙත උපදෙස් ලැබි ඇති බව කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයේ උසස් නිලධාරියෙකු පැවසු බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් කියා සිටින්නේ.

ඇදිරි නිතිය ලිහිල් කලද ඩිසල් ඉන්ධන නොමැති විම නිසා තමන්ට බස් රථ ධාවනය කිරිමට නොහැකි විම හේතුවෙන් තම බස් රථ ඉන්ධන පිරවුම්හල් අසල සහ තම නිවාස අසල ගාල් කර තැබෙන බවයි බස් රථ රියදුරන් කියා සිටින්නේ.

මේ අතර (13) දින හැටන් කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත මුතුරාජවෙල සිට ඩිසල් ඉන්ධන ලිටර් 33000 රැගත් බවුසර් රථයක් ඉන්ධන බෑමට තම වාරය පැමිණෙන තුරු හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගාල් කර ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *