China Petroleum & Chemical Corporation (Sinopec) විසින් අද (සැප්. 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන මිල (ලීටරයක) ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විසින් ප්‍රකාශයට පත් කරන ලද මිලට වඩා චීන තෙල්වල ඉන්ධන මිල රුපියල් 3 කින් අඩු වේ.
ඊයේ (අගෝ. 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CPC සහ LIOC ඉන්ධන මිල ඉහළ දමා ඇත.
ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව සිනොපෙක් සිය සිල්ලර ඉන්ධන මිල (ලීටරයකට) ප්‍රකාශයට පත් කර ඇත.
92 ඔක්. පෙට්‍රල් – රු. 358/-කි.
95 ඔක්. පෙට්‍රල් – රු. 414/-කි.
ඔටෝ ඩීසල් – රු. 338/-කි.
සුපර් ඩීසල් – රු. 356/-කි.
භූමිතෙල් – රු. 231/-
සිනොපෙක් ලංකා සමාගම සිය ව්‍යාපාරික කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර ඊයේ මත්තේගොඩ පිහිටි සිය පළමු බලයලත් පිරවුම්හලේදී ඉන්ධන සැපයීම ආරම්භ කළේය.