සිකුරාදා පල්ලියේ යාච්ඥාවට ගිය 14 දෙනා පල්ලියේම නිරෝධායනය කරයි

යාපනය, අයින්ද හංදියේ පිහිටි මුස්ලිම් පල්ලියේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිකුරාදා යාච්ඥාවට එක්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ සිටි 14 දෙනාව එම පල්ලිය තුළ ම නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කළ බවය.

කොවිඩ් වසංගතය පාලනය සඳහා මේ වනවිට දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති බැවින් ඒකරාශීවීම් තහනම් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *