යාපනය මහ නගර සභාවට අළුතින් පත් වූ නගරාධිපතිවරයා සිය සෙසු වගකිම් පසෙකලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙමළ භාෂාවට පරිවර්ථනය කිරීම සිය ප්‍රධාන කාර්යය කර ගනිමින් සිටින බවට වාර්තා වේ.
ඒ අනුව යාපනය, මුන්නේස්වරන් වීදියේ අළුතින් විවෘත කළ දුර ගමන් සේවා බස් නැවතුම්පළේ සවි කර ඇති නාම පුවරු වෙනස් කරමින් සිටී. මෙම නාම පුවරු මින් පෙර සවිකර තිබුණේ පලමුව සිංහල භාෂාව, දෙවනුව දෙමළ භාෂාව හා තෙවනුව ඉංග්‍රීසී භාෂාව ලෙසයි. කෙසේ වෙතත් යාපනයේ දේශපාලනඥයින් මෙම පුවරු වලට ඉතා තදින්ම විරෝධය පල කර ඇති අතර, වහාම මේ තත්ත්වය වෙනස් විය යුතු බවට නිලධාරීන්ට දෝෂාරෝපණය කර තිබේ.
එම තත්වය මත යාපනයේ නව නගරාධිපතිවරයා සියළු රාජකාරී දෙවැනිකොට එම ප්‍රදේශයේ දේශපාලඥයින්ට අවශ්‍ය ආකාරයට නාම පුවරු වලට මුලින්ම දෙමළ භාෂාව යෙදීමේ කටයුතු සිදු කරගෙන යමින් සිටින බවට වාර්තා වේ.