එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් බඳවා නොගන්නා ලෙසට අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපාරයේ (ITJP) ප්‍රධානී යස්මින් සුකා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.
අදාළ ඉල්ලීමෙන් වැඩි දුරටත් පෙන්වාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවෙන් ශ්‍රීලංකා හමුදා නිලධාරීන් පිළිබඳව සෘජුව ප්‍රශ්න කර ඇති බැවින් සාම සාධක හමුදා සඳහා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් බඳවා ගැනීම එක්සත් ජාතීන්ගේ සම්මතයන්ට පටහැනි බවටයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සෘජුවම සහාය පළකරන අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපාරයේ ප්‍රධානී යස්මින් සුකා පසුගිය බ්‍රහස්පතින්දා (04) නිකුත් කළ නිවේදනයකින් මේ බව පෙන්වා දී තිබේ.