සාමාන්‍ය පෙළ විභාගයෙන් 39,000ක් බුද්ධ ධර්මය අසමත්

2022 සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂයට පෙනී සිටී දරුවන්ගෙන් 39,000ක් එම විෂය අසමත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ කොමසාරිස් ලසික සමරකෝන් මහතා පවසන්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කරනු ලැබිණි.

පාසල් සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම විභාගයට මෙවර පෙනී සිටි අයදුම්කරුවන් ගණන 472,553කි.

උසස් පෙළ විභාගය සඳහා සිසුන් 236,041ක් සුදුසුකම් ලබා ඇති අතර එම ප්‍රතිශතය පසුගිය විභාගයට වඩා පවතින්නේ අඩු මට්ටමකිනි.

A9 සාමර්ථ්‍ය හිමි දරුවන් ගණන 13,380ක් වන අතර එහි මෙවර වැඩිවීමක් දැකිය හැකිය.

කෙසේ වුවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයන් ප්‍රධාන විෂයන් සමත්වීම සම්බන්ධයෙන් ඇත්තේ සතුටුදායක තත්ත්වයක්ද?

මෙය අධ්‍යාපනඥයන් නිතර මතුකරන ප්‍රශ්නයකි.

ගණිත විෂය සඳහා සිසුන් 316,603ක් මෙවර පෙනී සිට ඇති අතර ඉන් කුමන හෝ සාමර්ථ්‍යයක් ලබාගනිමින් එම විෂය සමත්ව ඇති ප්‍රමාණය 232,274කි.

ඒ අනුව සියයට 27ක ප්‍රතිශතයක් මෙවර ගණිත විෂය අසමත්ව තිබේ.

ඉංග්‍රීසි විෂයට මුහුණ දුන් සිසුන් 317,059ක් අතරින් එය සමත්ව ඇති සංඛ්‍යාව 233,054කි.

සියයට 73කට ආසන්න සංඛ්‍යාවක් සිසුන් ඉංග්‍රීසි විෂය සමත්වුවද බරපතළ තත්ත්වය 27%ක ප්‍රතිශතයක් විෂව අසමත් වීමයි.

විද්‍යා විෂය සඳහා සිසුන් 316,982ක් පෙනී සිට ඇති අතර එම විෂය සමත්ව ඇත්තේ 228,825ක සංඛ්‍යාවකි.

විද්‍යා විෂය ද 18%ක පිරිසක් අසමත්ව තිබේ.

මෙවර විභාගයට ද සිංහල භාෂාව සහ සාහිත්‍යය විෂය සඳහා අපේක්ෂකයන් 246,301ක් පෙනී සිට ඇත.

ඉන් සමත්ව ඇති ප්‍රමාණය 218,554ක් වන අතර ඒ අනුව 12%ක ප්‍රතිශතයක් විෂය අසමත්ව තිබේ.

මේ අතර වඩාත් කතාබහට ලක්වූ කරුණක් වන්නේ බුද්ධ ධර්මය විෂයයි.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා බුද්ධ ධර්මය විෂයට සිසුන් 238,038ක් පෙනී සිට ඇති අතර ඉන් කුමන හෝ සාමර්ථ්‍යයක් ලබා විෂය සමත් වී ඇති සංඛ්‍යාව 188,437කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *