සාමදාන විනිසුරන් පත් කිරීමේදී අපොස සා/පෙළ අවම සුදුසුකම ලෙස සලකා බැලේ

වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිසුරන් පත් කිරීමේ දී අවම සුදුසුකම ලෙසට ආපොස සාමාන්‍ය පෙළ සළකා බැලීමට තීරණය කර තිබෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. එමෙන්ම වයස අවුරුදු 60ට වැඩි අවස්ථාවේ දී ඔවුන් දැනට යෙදෙන සමාජ සේවය සැළකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සළකා බැලීමටත් තීරණය කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

සමදාන විනිශ්චයකාරවරුන් විශාල සමාජ සේවයක් සිදු කරන බවත්, අධ්‍යාපන සුදුසුකම් මත පදනම් ව පමණක් සාමදාන විනිශ්චයකාර තනතුරු සඳහා බඳවා ගැනීම සුදුසු නොවන බවත්, සමාජ සේවා කාර්යයද සැලකිල්ලට ගෙන, සමාජ සේවය කරන සහ ඒ සඳහා කැපවීමට වේලාව තිබෙන අය තෝරාගැනීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *