සයිබර් වංචා මධ්‍යස්ථාන මැඬලීමට ඇමරිකානු FBI කණ්ඩායමක් කොළඹට

සයිබර් මූල්‍ය වංචා මැඬපැවැත්වීම සහ දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාල බිඳ දැමීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සිටී.
ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චාලට් (Charlotte) ක්ෂේත්‍ර කාර්යාලයේ කණ්ඩායමක් නොවැම්බර් 16 සිට 22 දක්වා කොළඹ සංචාරයක නිරත වන අතර, මෙරට ක්‍රියාත්මක වන වංචනික මධ්‍යස්ථාන (Scam centers) පිළිබඳව විමර්ශනය කරන ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීමට නියමිතය.
දැනට පවතින විමර්ශනවලට සහාය වීම, විශේෂිත තාක්ෂණික දැනුම ලබාදීම සහ දේශසීමා ඉක්මවා යන වංචනික ජාල හඳුනාගෙන ඒවා බිඳ දැමීම සඳහා ඇමරිකානු සහ ශ්‍රී ලංකා බලධාරීන්ගේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා FBI ආයතනය විසින් විශේෂ කණ්ඩායමක් පිහිටුවා ඇත.
ඩිජිටල් වෝහාරික විද්‍යාව සහ විමර්ශන සහාය
මෙම සංචාරය අතරතුරදී FBI නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන හවුල්කරුවන් සමඟ විමර්ශන ක්‍රමවේද, ඩිජිටල් වෝහාරික විද්‍යාව (Digital forensics) සහ නඩු ගොඩනැගීම යන අංශ ඔස්සේ කටයුතු කරනු ඇත. වින්දිතයන් හඳුනා ගැනීමට, අපරාධ ක්‍රියාකාරකම් හඹා යාමට සහ අන්තර්ජාල වංචාවන්ට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ශක්තිමත් නඩු ගොනු කිරීමට මෙම සහයෝගීතාව විමර්ශකයින්ට උපකාරී වනු ඇත.
එමෙන්ම සයිබර් අපරාධ මෙහෙයුම් සිදු කිරීම සඳහා දේශසීමා ඉක්මවූ අපරාධ ජාල විසින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීම වැළැක්වීමේ හැකියාව ද ඉන් ශක්තිමත් කෙරේ.
ඇමරිකානු තානාපතිවරයාගේ ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය:
“විදේශයන්හි සිට ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් සොරකම් කරමින් සිටින අතර, ඔවුන් නතර කිරීමට අපි කැපවී සිටිනවා. FBI විමර්ශන විශේෂඥ දැනුම සහ දියුණු තාක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශ සමඟ එක් කිරීමෙන්, අපට වින්දිතයන් හඳුනා ගැනීමටත්, අපරාධකරුවන් ලුහුබැඳීමටත්, තවත් ඇමරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් මෙම ජාවාරම්වලට ගොදුරු වීම වැළැක්වීමටත් හැකි වෙනවා.”
විමර්ශන හැකියාවන් ශක්තිමත් කිරීම සහ වංචනික මධ්‍යස්ථාන මෙහෙයුම් මැඬලීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ FBI ආයතනය පවත්වන අඛණ්ඩ සම්බන්ධතාවයේ ආරම්භය මෙම සංචාරය මගින් සනිටුහන් කෙරේ. FBI ආයතනය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහනට සහාය ලබා දේ.
දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාල කොතැනක ක්‍රියාත්මක වුවද ඔවුන් ලුහුබැඳීමටත්, ඇමරිකානු පුරවැසියන් මූල්‍ය සූරාකෑමෙන් ආරක්ෂා කිරීමටත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමටත් ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් කැපවී සිටින බව සඳහන් වේ.




