සමූපකාර පවා දියුණු කිරීමට නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් ප්‍රශ්න කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා, “මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපි ශ්‍රී ලංකාව පුරා පක්‍ෂ මැතිවරණ සංවිධාන රැස්වීම් ඉතා සාර්ථකව පවත්වනවා. ඒ වගේම අපේ පාක්ෂිකයන් බය කරලා පක්ෂය විනාශ කරන්න හදපු අයට හොඳ උත්තරයක් ලැබිලා තියෙනවා.” “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය ඉටු කිරීමට නම් ව්‍යවස්ථාදායකය තුළ විනය ඉතා වැදගත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ සිදුවීමෙන් පෙනී යයි.”
“රට වැටී ඇති දුෂ්කර තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් කර ස්ථාවරභාවයක් ඇති කිරීමට ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය කටයුතු කරමින් සිටින අවස්ථාවක අපි පක්ෂයක් ලෙසත් මන්ත්‍රීවරුන් ලෙසත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය සහ දායකත්වය ලබා දෙනවා.