සමුද්‍ර ධීවර ජලජ නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කිරීමට සැලසුම්.

ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කිරීමට නියමිත සමුද්‍ර ධීවර ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායනය සහ පශු වෛද්‍ය සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රොටෝකෝලය අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

චීන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය සහ ශ්‍රී ලංකා රජයේ ධීවර අමාත්‍යාංශය අතර ප්‍රොටෝකෝලය අත්සන් කෙරේ.

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන 33 ක් චීනයට අපනයනය කිරීමට චීන සමූහාණ්ඩුවේ රේගු සාමාන්‍ය පරිපාලනය අනුමැතිය ලබා දී ඇති බව රජය ප්‍රකාශ කළේය.

ඒ අතරින් 29ක් ජලජ නිෂ්පාදන වන අතර චීන සමූහාණ්ඩුවේ ලියාපදිංචි ශ්‍රී ලාංකික සමාගම් 38ක් මෙම නිෂ්පාදන අපනයනකරුවන් ලෙස කටයුතු කරයි.

ඒ අනුව චීනයට ජලජ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා අවශ්‍ය සහය සහ දිරිගැන්වීම් ලබාදීමේ අරමුණින් මෙම ප්‍රොටෝකෝලය අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *