රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අවධාරණය කළේ ස්පා මධ්‍යස්ථානවල සේවය කරන පුද්ගලයින්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු කිරීමේ අවශ්‍යතාවයයි.
“සමහර සංචාරකයින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සම්බාහන කටයුතු සඳහා බැවින් ස්පා අත්‍යවශ්‍ය වේ. ස්පා ව්‍යාප්ත කිරීම අපට නවත්වන්න බැහැ,” රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීම පිළිබඳව සතුටට පත්වන බවද ඇය පැවසුවාය. “රජිත සේනාරත්න මන්ත්‍රීවරයා තමයි ගංජා වගා කරන්න කියලා මුලින්ම කතා කළේ. නමුත් මම තමයි ව්‍යාපාරය ගෙන ගියේ. ගංජා වගාව දියුණු කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වෙනවා” ඇය පැවසුවාය.