සම්පත් මනම්පේරිගේ මෝටර් රියක් ඇඹිලිපිටියෙන් සොයාගනී

ඇඹිලිපිටිය නවනගරයේ ගරාජයකට ගෙන්විත් දමා තිබු නවීන මෝටර් රථය මිද්දෙණියේ සම්පත් මනම්පේරි යන අය භාවිතා කළ බවට සැකකර  සිය බාරයට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.

එම ගරාජයේ හිමිකරු නොසිටි අවස්ථාවක අලුත්වැඩියා කටයුත්තක් සදහා කිසියම් පුද්ගලයකු විසින් පසුගිය 07දා ගරාජයට ගෙනවිත් දමාඇති බව පොලීසිය කියයි.එහෙත් එම මෝටර් රථය ගෙන්විත් දැමූ පුදගලයාගේ දුරකථනය විසන්ධි කරතිබීම නිසා ගරාජ් හිමියා පොලිසිය ට පැමිණිලි කර තිබිණි.

පසුව ඇඹිලිපිටිය  පොලීසිය කළ පරීක්ෂාවකදී එම මෝටර් රථය  අයිස් කන්ටේනර සම්බන්ධ සිද්ධියේ අතුරුදන් සැකකාර සම්පත් මනම්පේරි යන අයගේ බවට අනාවරණය කරගෙන තිබේ.

ඒඅනුව  මෝටර් රථය ඇඹිලිපිටිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *