සමන් රත්නප්‍රිය අද මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතය. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි. අදාල පුරප්පාඩුව සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කිරීමට එජාපය තීරණය කළ අතර එජාප මහ ලේකම්වරයා විසින් පසුගියදා මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් පසුගිය 27 වැනිදා සමන් රත්නප්‍රිය මහතාගේ පත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *