සමඟි ජන බලවේගයේ කුමන්ත්‍රණ වලට ප්‍රතිචාර

සමගි ජන බලවේගය තුළ සහ ඊට සහය දෙන පක්ෂ අතර නැති අර්බුදක් නිර්මාණය කරමින් සමාජ මාධ්‍යවල ව්‍යාජ ප්‍රවෘත්ති පළකිරීම හෙළා දකින බව සමගි ජනබලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ සමගි ජනබලවේගයේ අනාගත ජයග්‍රහණ සඳහා එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ විශ්වාසය පළකරමින් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් සම්මත කරගත් බවය.

සමගි ජනබලවේගය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව “කුමන්ත්‍රණකාරී ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව“ හැඟවෙන පුවතක් ජාතික පුවත්පතක් අද වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් සමගි ජනබලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සමගි ජනබලවේගය තුළ සහ ඊට සහය දෙන පක්ෂ අතර නැති අර්බුදක් නිර්මාණය කරමින් සමාජ මාධ්‍යවල ව්‍යාජ ප්‍රවෘත්ති පළකිරීම සම්බන්ධයෙන් ඊයේ රැස්වූ මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු වූ බවය.

එම මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළා දැකීමටත්, සමගි ජනබලවේගයේ අනාගත ජයග්‍රහණ සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ විශ්වාසය පළ කිරීමටත් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් සම්මත කරගෙන තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *