සඳුදා සියලුම දෙමළ පාසල් සඳහා නිවාඩු: අමාත්‍යාංශය

ඉරිදා (12) දිනට යෙදෙන දීපාවලි උත්සවය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම දෙමළ පාසල් සඳහා සඳුදා (13) පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන ලදී.

දෙමළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත්, විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා පාසල් නොවැම්බර් 18 (සෙනසුරාදා) පැවැත්විය යුතු බව අමාත්‍යාංශය නිවේදනය කළේය.

දෙමළ පාසල්වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් තම තමන්ගේ කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *