සජිත් පාර්ලිමේන්තුවේ වටිනා කාලය නාස්ති කරනවා – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසගේ ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ජනතා මුදල් විනාශය වැළැක්වීමට මැදිහත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුව ආරම්භයේදී මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු සඳහා ලබාදුන් පැයක කාලය නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන කටයුතු කළ බව ඔවුන් පෙන්වා දුන්නා.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේදී ඔවුන් හමුවීමෙන් අනතුරුවයි.

ප්‍රේමනාත් සී දොළවත්ත, මධුර විතානගේ, ජගත් සමරවික්‍රම ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමඟ පැමිණ මෙම ඉල්ලීම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *