සංශෝධන මගින් ග්‍රෑම් 10ට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ට ඇප ලබාදීමට මහාධිකරණයට අවසර දෙයි

අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතට හඳුන්වා දී ඇති නව සංශෝධනවලට අනුව අන්තරායකර මත්ද්‍රව්‍ය පිරිසුදු ප්‍රමාණය ග්‍රෑම් 10ට වඩා අඩු වූ විට ඇප ලබාදීමට මහාධිකරණයට බලය ඇති බව අභියාචනාධිකරණය පසුගියදා සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේය.

2022 සංශෝධන පනත මගින් සංශෝධිත අන්තරායකර ඖෂධ ආඥා පනතේ 84 සහ 85 වගන්ති මහාධිකරණයෙන් ඇප ලබාදීමට අදාළ වගන්ති බව සම්පත් අබේකෝන් සහ පී කුමාරරත්නම් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

2022 අංක 41 දරන සංශෝධන පනත ප්‍රකාරව හෙරොයින් ග්‍රෑම් 5කට වඩා ළඟ තබාගත් පුද්ගලයකුට මරණ දඬුවම නියම කළ හැකි බැවින් මහාධිකරණයේදී ඇප ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කර තිබිණි.

කෙසේ වෙතත්, නව සංශෝධනවලින් පසුව ඇති නීතිමය ප්‍රතිපාදන සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය එම මහාධිකරණ නියෝගය ඉවත දැමීමට තීරණය කළ අතර විත්තිකරුවන්ට ඇප නියම කළේය. විත්තිකරු විසින් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ බව කියන භයානක මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙරොයින් ග්‍රෑම් 9.426 ක් වූ බැවින් විත්තිකරු 2019 ඔක්තෝම්බර් 16 වැනිදා අත්අඩංගුවට ගත් දිනයේ සිට රිමාන්ඩ් භාරයේ පසුවූ බැවින් අධිකරණය විත්තිකරුට ඇප නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *