සංචාරක හෝටල් වල විදුලි බිලට වසරක සහනයක්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවත්, ඊට අදාළ උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියලුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන තිබේ.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර ඊට අනුමැතිය හිමිව තිබිණි. ඒ අනුව සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තඅ 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ. එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා 2020.09.02 වැනි දින ලංකා විදුලි බල මණ්ඩල සමාන්‍යාධිකාරිවරයා හා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වෙත දැනුම් දී ඇත්තේ අදාල සහනය සැලසීමට වහාම පියවර ගන්නා ලෙසය. ඒ අනුව මෙම සහන ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලයෙ සියලුම කාර්යාල දැනුවත් කර කල බව විදුලි බල මණ්ඩලය අමාත්‍යංශ ලේකම්වරයා තමන් දැනුවත් කර ඇතැයි ඇමතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *