පසුගිය මාස හා සසඳන විට අපේ‍්‍රල් මාසයේ මුල් සති තුන සඳහා සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ සංචාරක සහ සත්කාරක අංශයට විශාල අභියෝග ඇති බවයි.
අප්‍රේල් 01 සිට 26 දක්වා කාලය තුළ සංචාරකයින් 55,590ක් මෙරටට පැමිණ ඇත. මාර්තු මාසයේ සංචාරක පැමිණීම් හා සසඳන විට මාසය සඳහා පැමිණීමේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩුය.
මාර්තු මාසයේදී ජාත්‍යන්තර අමුත්තන් 106,500 ක් රට තුළට ඇතුළු වූ අතර එය මෙතෙක් වසරේ ඉහළම අගයයි.
අපේ‍්‍රල් මාසය සඳහා සංචාරක අමාත්‍යාංශය විසින් බෙදාගත් සංඛ්‍යාලේඛන පෙන්නුම් කළේ දෛනික පැමිණීමේ අනුපාතය 2,138 දක්වා පහත වැටී ඇති බවයි. පසුගිය මාසවල දිනකට 3500ත් 4000ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණියා.
ජනවාරි 01 සිට අප්‍රේල් 26 දක්වා කාලය තුළ සමුච්චිත පැමිණීම් 340,924 ක් විය.
සංචාරක පැමිණීම් 10,327ක් සමඟින් එක්සත් රාජධානිය සංචාරක ව්‍යාපාරය සඳහා විශාලතම මූලාශ්‍ර වෙළඳපොළ ලෙස ඉස්මතු වී ඇත.
7,900ක් පැමිණ ඇති ඉන්දියාව දෙවන ස්ථානය දක්වා පහත බැස ඇත. ජර්මනිය තුන්වන ස්ථානයට පත්ව ඇති අතර එම රටෙන් සංචාරකයින් 5,756 ක් පැමිණ ඇත.
අනෙකුත් කැපී පෙනෙන වෙලඳපොලවල් වන්නේ ප්රංශය, ඕස්ට්රේලියාව සහ රුසියාවයි.