සංචරණ සීමා කාලයේදී තැපැල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේ දී තැපැල් සේවයට අදාළ කාර්යයන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පි.බි ජයසුන්දර මහතා විසින් එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය හා විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාරගැනීම, බෙදාහැරීම සහ තොරතුරු වාර්තා කිරීම, ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා භාර දීමේ සේවාව, දේශීය හා විදේශීය අධිවේගී තැපැල් සේවාව, ඖෂධ බෙදාහැරීමේ විශේෂ සේවාව හා මුදල් හුවමාරුව ඇතුළු තැපැල් සේවාවට අදාළ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *