සංචරණ සීමා ඉවත් කිරීම හෝ දීර්ඝ කිරීම ඉදිරි දින වලදී රෝගීන් වාර්තා වීම අනුව තීරණය කරන බවට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි

සංචරණ සීමා පැනවීම තුළින් ලැබී ඇති ප්‍රතිඵල දැක ගැනීම සදහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එහි මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ ජනතාව සංචරණ සීමාවලට අනුව කටයුතු කළහොත් ඉදිරි කාල සීමාව තුළ කොවිඩ් ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙනු ඇති බවය.
ඉදිරි දිනවලදී රෝගීන් වාර්තා වන ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා ඉවත් කිරීම හෝ දීර්ඝ කිරීම පිළිබද තීරණයක් ගත යුතු බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *