ශ‍්‍රී ලංකාවට අඩු මිලට ඉන්ධන ලබාදීමට රුසියානු රජය එකඟවෙයි.

ශ‍්‍රී ලංකාවට අඩු මිලට ඉන්ධන ලබාදීමට රුසියානු රජය එකඟ වී ඇතත් ශ‍්‍රී ලංකා රජය මේ දක්වා ඒ සඳහා ඉදිරිපත් වී නැතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලට රුසියානු බොරතෙල් ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ලබාදීමට ඉදිරිපත් වී තිබුණි.

එහෙත් ශ‍්‍රී ලංකා රජය ඩුබායිවලින් වැඩි මිලට තෙල් ලබාගෙන ඇත.

ඉන්දීය තෙල් සමාගම් සඳහා ඉන්දීය රජය 2 වැනි වරටත් රුසියාවෙන් අඩු මිලට තෙල් ලබාගෙන තිබේ.

රුසියානු රජය ශ‍්‍රී ලංකාවට තෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇත්තේ අතරමැදියන් නොමැතිව රජයකින් රජයකට ගනුදෙනු සිදුකරන ක‍්‍රමවේදය යටතේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *