ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ පුහුණු කාර්ය මණ්ඩලයට එක්වන ලෙස රටවල් 3 කින් පමණ තමන්ට ඇරයුම් ලැබුණු බවයි. නමුත් ඩිල්ෂාන් මහතා එම ආරාධනා පිළිනොගත් බව පවසා ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අත්දැකීම් ලබාදීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව ඔහු ප්‍රකාශ කර ඇත.